Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th September 2018 14:02:08 Hours

ආඥාපති තුමන්ගේ 122 බළසේනා මුලස්ථානය හා ඒකක සංචාරය

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම මුලය යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථානය හා ඒ යටතේ ඇති ඒකකයන් හී කදවුරු සංචාරයක් 2018.09.05 වන දින සිදුකරන ලදි.

මෙම සංචාරයේදි ආඥාපති තුමන් පළමුව 122 බළසේනා මුලස්ථානයෙහි සංචාරය කල අතර, එහිදි ආඥාපති තුමන් වෙනුවෙන් එම බළසේනාවේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමා බළසේනාධිපති විසින් හරසරින් පිළිගන්නා ලදි. පසුව බළසේනාවේ රාජකාරින් සැබැදිව ඉදිරිපත් කිරිමක් (Presentation) සිදු කිරිමෙන් පසු එම බළසේනාවේ සියලු නිලයින් විසින් සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගිවන ලදි.

ඉන් අනතුරුව ආඥාපති විසින් 122 බසේමු සංචාරයෙන් පසු 23 ගරෙ හා 3 ශ්‍රීලංඡාආබමු ඒකකන් හි කදවුරු සංචාරය සිදුකරන ලද අතර, එහිදි එම සංචාරය සනිටුහන් කිරිම වස් පැල රෝපණයක්ද සිදුකරන ලදි. තවද, 23 ගරෙ ඒකකය වෙතින් සුදානම්කර තිබු දිවා භෝජන සංග්‍රහයෙන් පසු මෙම සංචාරය නිමාවට පත් කරන ලදි.