Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th January 2019 13:36:17 Hours

ආඥාපති තුමන්ගේ 121 බළසේනා මුලස්ථාන හා බළප්‍රදේශයේ සංචාරය

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු 121 බළසේනා මුලස්ථානය හා බළප්‍රදේශය තුළ 2019 ජනවාරි මස 04 දින සංචාරය කරන ලදි.

ඒ අනුව 2019 ජනවාරි මස 04 වන දින 121 බළසේනා මුලස්ථානයේ සංචාරයක නිරතවු අතර, එහිදී 9 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව හා 18 වන ගැමුණු හේවා බළඇණියෙහි ද සංචාරය කරන ලදි. තවද මෙම සංචාරය සිහිකරවීම වස් 121 බසේමු කදවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කරන ලද අතර, 121 බසේමු හි විශේෂ අමුත්තන් සටහන් තැබීමේ පොතේ සටහනක් තබන ලදි.