Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:36:53 Hours

අම්බලන්තොට - බැරගම මාර්ගයේ අනාරක්‍ෂිත ගසක් කපා ඉවත් කිරිම

12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ අම්බලන්තොට - බැරගම ප්‍රධාන මාර්ගයේ අනාරක්‍ෂිතව තිබු ගසක් කපා ඉවත් කිරීමට සහය ලබා දෙන ලෙස අම්බලන්තොට ප්‍රදේශීය ලේකම්වරයා විසින් යුධ හමුදා සහය ඉල්ලා සිටියේය. ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 2024 ජුනි 13 වන දින සේනාංකයේ භඨ පිරිස් විසින් එම ගස කපා ඉවත් කිරිම සඳහා සහය ලබාදීමට කටයුතු කරන ලදි.