Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

සුභසාධක වෙළදසැල් ව්‍යාපෘතිය


නිලධාරීන්/ සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ සහන මිලට ලබාදීම සඳහා අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍යවලින් සමන්විත සුභසාධක වෙළඳසැල් කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි පිහිටුවා ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ සුභසාධන වෙළඳසැල්වලට අමතරව ‘සේවා වනිතා අයවැය මධ්‍යස්ථානය’ ක්‍රියාත්මක වේ. එම වෙළඳසැල් අතර, කුඩා සුපිරි වෙළඳසැලක්, බේකරි, සරුවත් වෙළඳසැල්, කාන්තා රූපලාවන්‍යාගාරය, මහතුන්ගේ කරණවෑමිහල්, මැහුම්හල්, ආපනශාලා සහ ක්‍ෂණික ආහාරසැල් වලින් සමන්විත වේ. සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මහල් ගොඩනැගිල්ල මධ්‍යම ප්‍රමාණයේ උත්සව ශාලාවක් ඉදිකර ඇති අතර එහිදී සමාජ රැස්වීම්, උත්සව ආදිය පැවැත්වීම මෙන්ම නවාතැන් පහසුකම් ලබාගැනීම සහනදායි මිලගණන් යටතේ සිදුකළ හැකිය. මෙකී ව්‍යාපෘතීන් යටතේ ක්‍රියාත්මක වන සුභසාධන වෙළඳසැල් සහ අයවැය මධ්‍යස්ථාන පහතින් දැක්වේ.

  • සුභසාධක වෙළඳසැල - සෙසුනිල ලැගුම්හල - කින්නදෙණිය
  • සුභසාධක වෙළඳසැල - විවාහක නිලධාරී නිවාස සංකීර්ණය - කැන්දලන්ද
  •  සුභසාධක වෙළඳසැල - ජාවත්ත
  • සුභසාධක වෙළඳසැල - සන්ෆ්ලවර් ගම්මානය - මුල්ලේරියාව
  • ' ‘සේවා වනිතා අයවැය මධ්‍යස්ථානය’ - මැනිං ටවුන් පවුල් නිවාස සංකීර්ණය