Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

නිළ ඇදුම්/අභ්‍යාස ඇදුම් සහ ලිපි ද්‍රව්‍ය වෙළදසැල්


යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශයන්ට අනුව වර්ෂ 2020 ඔක්තෝම්බර් මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සුභසාධන පහසුකමක් ලෙස ‘KIOSK’ වෙළඳසැල යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලදී. ඒ අනුව යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සහනදායී මිල ගණන් යටතේ පහත දක්වා ඇති අයිතමයන් ‘KIOSK’ වෙළඳසැල තුළින් ලබාගැනීමේ හැකියාව පවතී.

  • ශාරීරික අභ්‍යාස ඇඳුම් කට්ටල
  • යුද්ධ හමුදා අයිතමයන් (තොප්පි,කැප්,නිල ලාංඡන, ලෙන්යාර්ඩ්, බූට්ස්/ සපත්තු ආදිය)
  • ලිපි ද්‍රව්‍ය
  • බෑග් (පාසල් බෑග්, උරමළු ආදිය)
  • සපත්තු (ළමා සපත්තු, පාසල් සපත්තු ඇතුලු විවිධ සපත්තු වර්ග)
  • වතුර බෝතල්
  • රෙදි
  • සමරු ඵලක සහ තෑගි භාණ්ඩ

දියතලාව ‘ගැරිසන් වෙළඳසැල’ බහුකාර්ය සාප්පු සංකීර්ණය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන තවත් සාර්ථක ව්‍යාපෘතියකි. එමෙන්ම මෙම වෙළඳසැල තුළින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා නිල ඇඳුම් / ශාරීරික අභ්‍යාස කට්ටල සහ ලිපි ද්‍රව්‍ය සහනදායී මිල ගණන් යටතේ ලබා ගතහැක. එයට රූපලාවණ්‍යාගාරයක්, සිල්ලර වෙළඳසැලක් සහ කෙටි ආහාරපාන අවන්හලක් ද (snack bar) ඇතුළත් ය.