Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

ශිෂ්‍යාධාර වැඩසටහන්


වර්ෂ 2009 දී හඳුන්වා දෙන ලද මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තුළින් නව යෝජනා ක්‍රමයක් යටතේ මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ මෙන්ම විශ්‍රාමික හා දැනට සක්‍රීය සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින් කටයුතු කරන අතර, එය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරන තවත් ප්‍රධාන සුබසාධන ක්‍රියාමාර්ගයකි. තවද අද වන විට එවැනි ශිෂ්‍යත්ව සිය ගණනක් සුදුසුකම් සපුරා ඇති දරුවන්ට ලබා දී ඇත.

සාමාන්‍යයෙන් අවුරුදු1කාළසීමාවේ සිට අවුරුදු 5 දක්වා අතර වූ නිශ්චිත කාලසීමාවක් වෙනුවෙන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ (සාමාන්‍ය පෙළ) විභාගය සහ අපොස (උසස් පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම ශිෂ්‍යත්වයන් ප්‍රදානය කිරීමට කටයුතු සලසා ඇත.