Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

රුපලාවන්‍යාගාර ව්‍යාපෘති


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දැනට සක්‍රීය සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින්ගේ විවාහ මංගල්‍යයන් වෙනුවෙන් අවශ්‍ය රූපලාවන්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වෙනම රූපලාවන්‍යාගාර ද්විත්වයක් අකුරේගොඩ සහ පනාගොඩ යුද්ධ හමුදා කඳවුරු තුළ ස්ථාපිත කර ඇත. ඒ අනුව පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ රූපලාවන්‍යාගාරය මූලික වශයෙන් එම ප්‍රදේශයේ වෙසෙන කාන්තා සෙබළුන්ට සහ සිවිල් වැසියන්ට අවශ්‍ය රූපලාවන්‍යාගාර සේවාවන් සැපයීම වෙනුවෙන් අවධානය යොමුකර කටයුතු කරනු ලබයි. තවද, මෙකී රූපලාවණ්‍යාගාරයන් සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් පරාසයක සේවාවන් රැසක් ලබා දෙයි.

  • මුහුණ ආශ්‍රිතව සිදුකරනු ලබන සම්බාහනයන්
  • පිරිසිදු කිරීම
  • පාද සම්බාහනය / මුහුණු සම්බාහනය / තෙල් සම්බාහනය
  • නූල් ආධාරයෙන් සිදුකරනු ලබන රෝම කූප ඉවත් කිරීම
  • මුහුණු වැක්ස් කිරීම
  • හිසකෙස් කැපීම
  • හිසකෙස් වර්ණ ගැන්වීම
  • ඉන්නන් ඉවත් කිරීම
  • උත්සව අවස්ථාවන්ට සරිලන පරිදි ඇදුම් පැළදුම් ඇන්දවීම (ශරීර අලංකරණ/කොණ්ඩා මෝස්තර දැමීම/සාරි ඇන්දවීම)
  • කළු කිරීම වෙනුවෙන් හෙනා ප්‍රතිකාරය ලබාදීම/ හිසකෙස් ආශ්‍රිතව සිදුකරනු ලබන අධි ප්‍රෝටීන් ප්‍රතිකාරය හිසකෙස්.