Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

කඩදාසි ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘති


ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් යුද්ධ හමුදා කඳවුරු තුළ පරිසර හිතකාමී වාතාවරණයක් ඇතිකිරීමේ වැඩසටහනක්ද දියත්කරන ලදී. මෙම ව්‍යාපෘතිය තුළින් කඩදාසි සහ අනෙකුත් ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් අද්විතීය සහ කලාත්මක නිමි භාණ්ඩ නිර්මාණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. එහි මූලික අරමුණ වන්නේ කඩදාසි බැහැර කිරීම නිසා සිදුවන පාරිසරික බලපෑම අවම කරවීම වන අතර අපද්‍රව්‍ය වටිනා සම්පත් බවට පරිවර්තනය කිරීමද ඉන් සිදුකරනු ලබයි. කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සඳහා තිරසාර හා පරිසර හිතකාමී ප්‍රවේශයක ආරම්භය සනිටුහන් කරමින් මෙම විශිෂ්ට ව්‍යාපෘතියේ සමාරම්භය වර්ෂ 2011 ඔක්තෝබර් මස 7 වැනි දින පාන්ගොල්ල ‘අභිමංසල 3’පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.