Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th April 2026 13:26:16 Hours

යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 අප්‍රේල් මස 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙත රෙදිපිළි බෙදා දීමේ වැඩසටහනක් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහනට එම බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.