Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th April 2026 13:28:30 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් 2026 අප්‍රේල් මස 09 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී එම බලකායේ රාජකාරි කරනු ලබන සිවිල් කාර්ය මණ්ඩලයට වියළි ආහාර සලාක පාර්සල් සහ වවුචර් බෙදා දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

එහිදී, සෑම සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙතම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් රු. 5,000.00 ක වටිනාකමකින් යුත් වවුචරයක් ලබාදුන් අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් රු. 5,000.00 ක් වටිනා CIB වවුචරයක් සහ රු. 2,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සලයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලන් සහභාගී වූහ.