Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th April 2026 13:32:07 Hours

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් 31 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල් සහ රු. 10,000.00 බැගින් වටිනා වවුචර් බෙදා දීමේ වැඩසටහනක් 2026 අප්‍රේල් මස 11 වන දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.