Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th April 2026 21:14:49 Hours

ශ්‍රී ලංකා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවෙන් වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරන්ති දිල්රුක්‍ෂි පෙරේරා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 අප්‍රේල් මස 10 වන දින ශ්‍රී ලංකා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් කාර්ය මණ්ඩලය වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.