Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th April 2026 21:09:16 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී යමුනා අබේකෝන් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් සිංහ දිරිය පියස ව්‍යාපෘති මධ්‍යස්ථානයේ විවිධ ව්‍යාපෘති යටතේ රාජකාරීන් සිදුකරනු ලබන සෙසුනිලයන්ගේ සහ එම සේවා වනිතා ශාඛවේ කාර්ය මණ්ඩලයේ සේවය අගය කිරීම සඳහා 2026 අප්‍රේල් මස 10 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහිදී, ඔවුන්ගේ සේවය අගය කරමින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 30 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.