Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th April 2026 21:02:37 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවවේ සභාපතිනී සජීවනී බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2026 අප්‍රේල් මස 02 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙහිදී සභාපතිනිය විසින් 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ නිවසට ගොස්, බරපතල රෝගාබාධයකින් පෙළෙන එම සෙබළාගේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් විමසා බැලූ අතර, දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය කිරිපිටි ද ලබා දෙන ලදී.

එදිනම, බරපතල සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන දරුවෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් ද සිදු විය. ඒ අනුව 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු හට රුපියල් 10,000/= ක මූල්‍යධාරයක් සේවා වනිතා ඒකක කාර්යාල පරිශ්‍රයේදී ප්‍රදානය කෙරිණි.