Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th April 2026 19:36:55 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් නව නිවසක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් රට වෙනුවෙන් දිවිපිදූ 6 වන බළඇණිය ගැමුණු හේවා බලකායේ රණවිරුවෙකුගේ මවක් වන තිලකාවතී මැණිකේ මහත්මිය සඳහා කුරුණෑගල, දොඩන්ගස්ලන්ද, ලිහිණිවෙහෙර ප්‍රදේශයේ ඉදිකරන ලද නිවසක් 2026 අප්‍රේල් මස 09 වන දින භාරදෙන ලදී.

නව නිවස ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මිය සහ 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc විසින් ප්‍රථිලාභීන් වෙත භාරදෙන ලදී.

එමෙන්ම, නව නිවස සඳහා අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණද පරිත්‍යාග කරන ලදී. මෙම නිවස 4 වන බළඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.