15th April 2026 19:54:56 Hours
කමාන්ඩෝ රෙජිමේන්තුවේ 46 වන සංවත්සරයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2026 මාර්තු මස 29 වන දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු Maroon Legacy ශාලාවේදී සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 34 දෙනෙකු වෙත පදක්කම්, සහතිකපත් සහ ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී. ඊට සමගාමීව, මෑතකදී සිදු වූ අනතුරකින් මියගිය ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ භාර්යාවගේ වෛද්‍ය ප්‍රථිකාර කටයුතු සඳහා රු. 100,000/- ක මූල්‍යමය ප්‍රදානයක් පිරිනමන ලදී.
තවද, එම සේවා වනිතා ශාඛාව විසින් විරු කැකුළු පෙර පාසල්වල භාවිතය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ලිපි ද්‍රව්‍ය පරිත්‍යාගයක්ද සිදුකරන ලදී. එමෙන්ම, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන සාමාජිකයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් 750 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල් බෙදා දෙන ලද අතර, එහිදී සංකේතාත්මකව ත්‍යාග පාර්සල් 60 ක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ ළමුන් සහභාගී වූහ.