Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th April 2026 12:44:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යු‍‍ධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සිවිල් සේවකයන් වෙත වියළි සලාක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව මගින්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ රෙජිමේන්තු පුහුණු පාසලේ සේවය කරන සිවිල් සේවකයින් 21 දෙනෙකු වෙනුවෙන් වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් 2026 අප්‍රේල් මස 10 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී ප්‍රතිලාභීන් වෙත රුපියල් 5,000.00ක වටිනාකමකින් යුත් ත්‍යාග වවුචර් පත් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් සමන්විත වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO මගපෙන්වීම යටතේ සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිර්මලින් විජේකෝන් මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මේ සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ සිවිල් සේවකයන් පිරිසක් සහභාගී වූහ.