02nd April 2026 11:37:12 Hours
පෙර පාසල් දරුවන් සහ ගුරුවරුන් සඳහා විශේෂ වැඩසටහනක් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රතු කුරුස සංවිධානයේ සිංගප්පූරු ශාඛාවේ නියෝජිතයින් පිරිසක් 2026 මාර්තු මස 24 වන දින පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූහ.
එහිදී එම පිරිස විසින් ළමුන් සඳහා වූ ඉගැන්වීමේ ක්‍රම, විෂය මාලාව, ළමා අත්කම් නිර්මාණ සහ පොත්පත්, පන්ති කාමර සැකසුම්, පිරිසිදුකම, සනීපාරක්‍ෂක පහසුකම් සහ පෙර පාසල් පරිශ්‍රය පිළිබඳව නිරීක්‍ෂණ කරන ලදී.
පසුව, ඉදිරියේදී පැවැත්වීමට යෝජිත විශේෂ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.