Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st March 2026 21:08:08 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව රූපලාවන්‍ය වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2026 මාර්තු මස 14 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී රූපලාවන්‍ය වැඩමුළුවක් පවත්වන ලදී.

තම පවුලේ වගකීම් ඉටු කරමින් කැපවීමෙන් කටයුතු කරන හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් වශයෙන් තමන්ගේ සෞඛ්‍යය, රූපලාවණ්‍යය සහ ආත්ම විශ්වාසය පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන 4Ever Skin Naturals සමූහ ව්‍යාපාරයේ සභාපතිනී චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.