31st March 2026 21:09:36 Hours
යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 මාර්තු මස 28 වන දින යුද්ධ හමුදා සේවා බලකායෙහි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු වෙත රුපියල් 25,000.00 ක් වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.