29th March 2026 17:44:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ දානමය පින්කමක් සහ නූඩ්ල්ස් දන්සලක් 2026 මාර්තු මස 14 දින ශ්‍රී ලංකාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි, එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමිණී ද සිල්වා මහත්මිය, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ විශාල බැතිමතුන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.