Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th March 2026 17:40:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පෙබරවාරි මස 21 දින පවත්වන ලදී

මහාචාර්ය ආර්. එස්. ජයවර්ධන සහ ගයානි හේරත් මහත්මිය විසින් පවත්වනු ලැබූ පුද්ගලික යහපැවැත්ම සහ පෞරුෂ වර්ධනය පිළිබඳ දේශන මාලාවකින්ද මෙම වැඩසටහන සමන්විත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරෝෂිණී ප්‍රනාන්දු මහත්මිය, එම ශාඛාවේ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් සහ සෙසු නිලයන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.