Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th March 2026 17:42:27 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

මහනුවර ප්‍රදේශයේ සිටින යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ රාජකාරීන් කරනු ලබන සාමාජිකයන්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙදෙනෙකු වෙත යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 මාර්තු මස 23 වන දින රු. 10,000.00 බැගින් වටිනා පෝෂණ මලු ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්ෂි මැදගොඩ මහත්මිය සහ සාමාජිකාවන් සහභාගී වූහ.