Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd March 2026 08:46:15 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 30 වන සංවත්සරයට සමගාමීව, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 මාර්තු මස 11 වන දින එම කඳවුරු පරිශ්‍රයේදී සුභසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහිදී, දරුවන් තිදෙනෙකුට වඩා සිටින, තෝරාගත් සෙසුනිලයන්ගේ දරුවන් 10 දෙනෙකු සඳහා රුපියල් 70,000.00 ක් වටිනා පාසල් උපකරණ කට්ටල බෙදා දෙන ලදී.

3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.පී.එස්. නදීෂාන් Lsc ගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.