Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th March 2026 14:01:09 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2026 මාර්තු මස 18 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල වෙත ඔක්සිජන් සාන්ද්‍රකයක් 7F-10 (DSI21091409), ඔක්සිජන් සාන්ද්‍රකයක් 8F-5A (210800634), ජංගම UA විෂබීජහරණ ඒකක දෙකක් සහ සම්පූර්ණ මුහුණු ආවරණ දහයක් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, එහි ළමා වාට්ටුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ද පිරිනමන ලදී. ඉන් අනතුරුව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.එස්. දොඩංගොඩ RWP USP, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එච්.ජේ. සේනාපති ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.