Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th March 2026 08:56:17 Hours

රණවිරුවන් 'ලොක්කා ලෙඩවෙලා' වේදිකා නාට්‍ය නරඹයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේඅවර්ධන මහත්මියගේ මඟපෙන්වීම යටතේ, එම ඒකකය සහ කොට්ටාව මෙට්‍රෝ සිංහ සමාජය එක්ව සංවිධානය කරන ලද 'ලොක්කා ලෙඩවෙලා' වේදිකා නාට්‍යය 2026 මාර්තු මස 12 වන දින ඇල්ෆින්ස්ටන් රංග ශාලාවේදී වේදිකාගත කරන ලදී.

මිහිඳු සෙත් මැදුර, රණවිරු සෙවන සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරුවන් හට මානසික නිදහස සහ විනෝදාස්වාදය වෙනුවෙන් මෙම අවස්ථාව ඉතා වටිනා අවස්ථාවක් විය.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, සිංහ සමාජයේ දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා සහ එම සමාජයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.