19th March 2026 08:50:44 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2026 පෙබරවාරි මස 28 දින මීගොඩ මහබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙහිදී දරුවන් වෙත තෑගි බෝග සහ අත්‍යවශ්‍ය දෛනික ද්‍රව්‍ය පිරිනැමූ අතර, විනෝදාස්වාද වැඩසටහනක් සහ දිවා ආහාර වේලක් ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.