17th March 2026 17:32:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායට අයත් විශ්‍රාමික රණවිරුවෙකු වෙත රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2026 මාර්තු මස 06 වන දින සිදු කරන ලදී.
ශ්‍රී ලංකා රයිෆල් බලකා/ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සම්බන්ධීකරණ කාර්යාලයේ රෙජිමේන්තු සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඒ.ආර්.ඩී. ද සිල්වා KSP, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ එහි සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ