Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th March 2026 17:30:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව ගැබිණි මව්වරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මියගේ මඟපෙන්වීම යටතේ, එම බලකායේ සේවය කරන සෙසු නිලයන්ගේ ගැබිණි භාර්යාවන් 39 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු තෑගි පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 15 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම උත්සවය අතරතුරදී, එම ගැබිණි මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් උදෑසන සහ දහවල් ආහාරය ද පිරිනමන ලදී.

ගැබිණි මව්වරුන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රොමානි ප්‍රනාන්දු මහත්මිය විසින් විශේෂ දේශනයක් පවත්වන ලදී.

එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ කලත්‍රයන් මෙම අවස්ථාවට සහභාගී වූහ