Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th March 2026 17:25:36 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකය හඳපානගල "මෙත් සෙවණ" ළමා නිවාසයේ සංචාරයක නිරත වෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් 2026 මාර්තු මස 04 දින හඳපානගල 'මෙත් සෙවණ' ළමා නිවාසයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී, දරුවන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන් අතර ඔවුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී. මීට අමතරව, මෙම සුභසාධන වැඩසටහනේ අංගයක් ලෙස දියතලාව මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් ළමා නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා සිය සහාය ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඉරාන්ති දිල්රුක්ෂි පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.