17th March 2026 17:23:15 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින එම බලමුළුවේ දිවන්ගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ව 2026 මාර්තු මස 11 දින හමුවන ලදී.
මෙම සංචාරයේ අරමුණ වූයේ, ක්‍රියාන්විතයේදී සහ ක්‍රියාන්විත නොවන අවස්ථාවන්හිදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුවදුක් විමසා බැලීම සහ ඔවුන්ට පවතින හදිසි අවශ්‍යතා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමයි.
මෙම සංචාරයේදී, 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවය කරමින් සිටියදී ක්‍රියාන්විතයේදී දිවි පිදූ කෝප්‍රල් කේ.ඒ. ජයවර්ධන, ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.එස්. සිසිර කුමාර ඒකනායක සහ ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.පී. ප්‍රියන්ත යන රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවිය. මීට අමතරව, ක්‍රියාන්විත නොවන හේතූන් මත අභාවප්‍රාප්ත වූ කෝප්‍රල් එච්.කේ. කරුණාරත්න යන රණවිරුවාගේ පවුලේ සාමාජිකයන්ව ද හමු විය.
මෙම සංචාරය අතරතුරදී, එම රණවිරුවන් කළ අතිමහත් කැපකිරීම ඇගයීමට ලක් කරමින් සහ ඔවුන්ට සහයෝගයක් ලෙස එම පවුල් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී.
මෙම සංචාරය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ උපදෙස් මත සිදු කරන ලදී.