Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th March 2026 17:21:21 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය මගින් 'සයිබර් අපරාධ'පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී යමුනා අබේකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 'සයිබර් අපරාධ' පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2026 මාර්තු මස 14 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම දේශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක මලීෂ හේරත් මහතා විසින් පවත්වන ලදී.

මීට අමතරව, දිනුම් ඇදීමක් මගින් ජයග්‍රාහකයන් 21 දෙනෙකු තෝරා ගත් අතර ඔවුන් වෙත වටිනා ත්‍යාග පිරිනමනු ලැබීය. එමෙන්ම, මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනා අතර සමරු තිළිණ බෙදා දීමක් ද සිදු විය.

නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ භාර්යාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ