11th March 2026 17:30:43 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 10 දින ආනවිලුන්දාව ග්‍රාමීය රෝහලේදී පවත්වන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වීන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූවාය.
මෙම වැඩසටහන අතරතුරදී රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කරන ලදී. ඒ අනුව, දැඩි සත්කාර ඒකකයට ඇඳන් 02 ක්, පිස්ටන් කොම්ප්‍රෙෂර් නෙබියුලයිසර් යන්ත්‍රයක්, ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 02 ක් සහ රෝගීන්ගේ දෛනික ප්‍රයෝජනය සඳහා ඇඳ ඇතිරිලි කට්ටල 20 ක් මෙලෙස පරිත්‍යාගයට ඇතුළත් විය
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම පරිත්‍යාග වැඩසටහනට සහභාගී වූහ.