10th March 2026 21:16:26 Hours
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මියගේ මඟපෙන්වීම යටතේ රත්නපුර සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි ගැමුණු හේවා බලකා සෙබළුන්ගේ ගර්භණී භාර්යාවන් වෙනුවෙන් පෝෂණ මලු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 07 දින එම රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී
මෙම වැඩසටහන අතරතුරදී, එක් අයෙකුට රුපියල් 7,000.00ක් බැගින් වටිනා පෝෂණ මලු ප්‍රතිලාභීන් අතර බෙදා දෙන ලදී
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ