10th March 2026 21:11:55 Hours
මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පින් පැමිණවීම සහ තුවාල ලැබූ රණවිරුවන්ට ආශිර්වාද පතා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කළ බෝධි පූජා පින්කම සහ ධර්ම දේශනා වැඩසටහනක් 2026 පෙබරවාරි මස 28 දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පවත්වන ලදී
මෙහිදී ධර්ම දේශනාව පූජ්‍ය ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබූ අතර, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මිය ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.