10th March 2026 21:13:44 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් 2026 පෙබරවාරි මස 25 දින අනුරාධපුර 'අභිමංසල I' රණවිරු සුව සහන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම සංචාරය අතරතුර, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ පැමිණ සිටි සම්භාවනීය පිරිස රණවිරුවන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසන ලදී. තවද, එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදී.
එමෙන්ම, රණවිරුවන්ගේ දෛනික ප්‍රයෝජනය සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද මෙහිදී බෙදා දෙන ලදී. රණවිරුවන්ගේ උපස්ථායක කටයුතු සිදුකරන සෙබළුන් හට ද ඇගයීම් තිළිණ පිරිනැමූ අතර, මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා LED විදුලි බුබුළු 50ක් ද පරිත්‍යාග කරන ලදී."
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම RWP RSP USP ndc psc, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනී උදාරි අනුපමා ගමගේ මහත්මිය ඇතුළු එම ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම සංචාරයට සහභාගී වූහ.