Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th March 2026 21:05:54 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් දානමය පින්කමක් පවත්වයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සජීවනී බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ, එම සේවා වනිතා ශාඛාව මගින් 2026 මාර්තු මස 04 දින කොට්ටාව "තිසරණ වැඩිහිටි නිවාසයේදී" දානමය පින්කමක් පවත්වන ලදී

මීට අමතරව, එම පරිශ්‍රය තුළ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී. ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.