Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th March 2026 21:00:37 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාව මගින් රූපලාවණ්‍ය සහ පෞරුෂ වර්ධන වැඩමුළුවක් පවත්වයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමා හෙට්ටිගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 'රූපලාවණ්‍ය සහ පෞරුෂ වර්ධනය' පිළිබඳ වැඩමුළුවක් 2026 මාර්තු මස 03 දින එම බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළු AYUSHLAB (PVT) Ltd ආයතනයේ තුෂාරා ලක්මිණි මහත්මිය සහ ඇයගේ කණ්ඩායම විසින් මෙහෙයවන ලදී.

එදිනෙදා ජීවිතයට මෙන්ම විශේෂ අවස්ථාවන් සඳහා ද උචිත වන පරිදි පුද්ගලික පෙනුම පවත්වා ගැනීම සම සුරැකුම සහ රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳව සහභාගී වූවන්ගේ දැනුම හා විශ්වාසය වර්ධනය කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය. මෙහි පැවැති සුහඳ සැසිවාරයන්හිදී, සම සුරැකුම් ක්‍රමවේද, මේකප් භාවිතය සහ සමස්ත පුද්ගල පෙනුම ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රායෝගික තාක්ෂණික ක්‍රම සහභාගී වූවන් වෙත ප්‍රදර්ශනය කරන ලදී

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.