Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th March 2026 20:57:05 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහනක් 2026 මාර්තු මස 08 දින "ලයා ලෙශර් කුකුළේගඟ" පරිශ්‍රයේදී පවත්වන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වේන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම උත්සවය අතරතුර සහභාගී වූවන් වෙනුවෙන් විනෝදජනක ක්‍රීඩා කිහිපයක් පවත්වන ලදී. මෙම වැඩසටහනට සමගාමීව, දැනට යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන් 15 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වටිනා ත්‍යාග පාර්සල් පිරිනමනු ලැබීය. අනතුරුව, වැඩසටහනට සහභාගී වූ සියලුම සාමාජිකාවන් වෙත විශේෂ තෑගි පිරිනැමූ අතර, ඉන්පසු දිවා ආහාරය පිරිනමන ලදී

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.