09th March 2026 21:41:58 Hours
කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින් සඳහා සහන මිලට භාණ්ඩ ලබා දීමේ විශේෂ වෙළඳ පොළක් 2026 මාර්තු මස 01 දින ගණේමුල්ල මෙරුන්ස් ලෙගසි දේශණ ශාලාවේදී පවත්වන ලදී.
මෙම වැඩපිළිවෙළ හරහා ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, රෙදි සේදීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ රැසක් වෙළඳපොළේ පවතින මිල ගණන් වලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි කරන ලදී. ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත් වූ කොමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාවට යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහභාගී වූහ.