09th March 2026 21:44:11 Hours
කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ, වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද පරිත්‍යාග වැඩසටහනක් 2026 මාර්තු මස 02 දින ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි Maroons Legacy ශාලාවේදී පවත්වන ලදී.
මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරොල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP සහභාගී විය.
මෙම වැඩසටහන අතරතුරදී ළමුන් සඳහා අත්‍යවශ්‍ය ආනයනික පෝෂණ නිෂ්පාදන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය කොමිෂන් නොලත් නිලධාරීන් 45 දෙනෙකු සහ එක් සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතර බෙදා දෙන ලදී. මෙම භාණ්ඩ තොගය ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් සහ ට්‍රයිකෝ සමාගම් සමූහයේ මෙල්බර්න් නියෝජිත යසන්ත ඩයස් මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.