06th March 2026 09:58:41 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රාජකාරියෙහි නියුතු සාමාජිකයෙකු සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවසක් 2026 මාර්තු මස 04 වන දින ගල්ගමුව, මහානාන්නේරිය ප්‍රදේශයේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද සහභාගී විය.
එහිදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ප්‍රතිලාභී පවුලට විදුලි උපකරණ සහ වියළි ආහාර සලාක පාර්සල් ප්‍රදානය කරනු ලැබූ අතර, ප්‍රදේශයේ පාසල් ළමුන් 10 දෙනෙකු වෙත පාසල් උපකරනද බෙදා දෙන ලදී.
පසුව, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී. කේ. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ජේ. එස්. බී. ඩබ්ලිව්. පල්ලෙකුඹුර RWP RSP ndu psc සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මහත්මිය විසින් නව නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ප්‍රදානය කරන ලදී.
ඉන් අනතුරුව, නිවාස ලාභියා විසින් පැමිණ සිටි පිරිස අමතමින් ආරක්‍ෂිත නිවසක් ලබා දීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාවට සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට සිය කෘතවේදීත්වය පල කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.