Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th March 2026 15:24:46 Hours

යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි 25 වන දින ප්‍රීතිපුර ළමා නිවාසය වෙත නිල සංචාරයක් සිදුකරන ලදී.

යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරන්ති දිල්රුක්‍ෂි පෙරේරා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. එහිදී ළමා නිවාසයේ දරුවන් සඳහා රාත්‍රී ආහාරය සහ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.