Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th March 2026 15:30:13 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් ශාරීරික සෞඛ්‍ය පිළිබඳ වැඩමුළුවක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකායේ නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ භාර්යාවන් සඳහා ‘ශරීරයේ අනවශ්‍ය මේදය කළමණාකරනය’ කිරීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් 2026 පෙබරවාරි මස 28 වන දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්‍ෂි මැදගොඩ මහත්මිය සහභාගී වූවාය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය සමඟ එක්ව පවත්වනු ලැබූ මෙම වැඩමුළුව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසින් මෙහෙයවන ලදී.

එම අවස්ථාවට සහභාගි වූ පිරිස් ඵලදායී ලෙස ශරීර මේද කළමනාකරණය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසි සඳහා සම්බන්ධ වූ අතර, ශරීරයේ මේදය ප්‍රමාණය මැන බැලීමටද හැකි වූහ. තවද, විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් සෞඛ්‍ය සම්පන්නව මේදය අඩු කිරීම සඳහා අවශ්‍ය කරන ව්‍යායාම් සහ ආහාර පාලනය පිලිබඳ දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ භාර්යාවන් සහභාගී වූහ.