Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th February 2026 17:28:03 Hours

කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය මඟින් ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 12 දින ගණේමුල්ල Maroons Legacy ශාලාවේදී පවත්වන ලදී.

මෙම උත්සවයේදී, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කොමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයන්ගේ දරුවන් එකොළොස් දෙනෙකු වෙත පදක්කම්, සහතික පත්‍ර සහ ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා යූ.ටී.එස්. විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් මෙම ලැප්ටොප් පරිගණක පරිත්‍යාගය සිදු කෙරිණි.

මීට අමතරව, කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය, කොමාන්ඩෝ බලඇණි, කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල, යුද හමුදා සේවා වනිතා ඒකකය සහ කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙත ද මෙහිදී ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන ලදී. මෙම උත්සවය, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP මඟපෙන්වීම යටතේ සහ කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී. ශ්‍රී ලංකා යූ.ටී.එස්. විද්‍යාලයේ විදුහල්පතිනි ඇලිසන් හිස්කොක්ස් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ළමුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.