28th February 2026 17:25:10 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මඟින් සංවිධානය කරන ලද මූල්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 25 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
වැඩසටහන අතරතුර, සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින් මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිවිල් සේවකයින් ඇතුළු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන් පවුල් 48 ක් අතර රු. 25,000.00 බැගින් වූ චෙක්පත් බෙදා දෙන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී. ආරියසේන RWP RSP USP psc මඟපෙන්වීම යටතේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනී මහේෂා ආරියසේන මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය පවත්වන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, විශ්‍රාමික යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන් සහ සිවිල් සේවකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.