26th February 2026 09:15:54 Hours
අවශ්‍යතා ඇති කමාන්ඩෝ සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 18 දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අණදෙන නිලධාරී මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP, එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය, ආරක්ෂක සේනා නියෝජ්‍ය ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස්. පෙරේරා RWP RSP ndc, කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනී රන්දිමා පෙරේරා මහත්මිය සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනා විධායක ඇතුළු තවත් නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.
කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් හත් දෙනෙකු සඳහා රුපියල් 50,000/- බැගින් වූ මූල්‍ය ආධාර පිරිනමන ලදී.