26th February 2026 14:29:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඉරෝෂිණී ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2026 පෙබරවාරි මස 21 දින පොල්හේන්ගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, පිළිකා රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින නිලධාරිනියකුගේ ස්වාමි පුරුෂයා වෙත පෝෂණ අතිරේකයන් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, නිවුන් දරුවන් ලැබූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියකු දිරිමත් කිරීම වෙනුවෙන් දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පිරිනමන ලදී.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහභාගී වූහ.