25th February 2026 16:27:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවය නියුතු සාමාජිකයන්ගේ දරුවන්හට පාසල් පොත් සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීම සඳහා “විරුදරු සවිය” වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන 2026 පෙබරවාරි මස 21 දින සේවා බලකා පුහුණු පාසලේදී ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අජන්තා ද සිල්වා මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහනේදී ළමුන් විසි දෙනෙකුට ප්‍රතිලාභ හිමිවිය. අනතුරුව, ළමුන් සඳහා ලබාදුන් දිවා භෝජන සංග්‍රහයෙන් පසුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳ පුදා ගත්හ.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.