25th February 2026 16:17:46 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ 6 වන සංවත්සරයට සමගාමීව, 2026 පෙබරවාරි මස 22 දින පානදුර, මූලික රෝහලේ ළමා වාට්ටුව වෙත අත්‍යවශ්‍ය ළදරු අව්‍යතා සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා ළමුන් සඳහා සහය වීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී එච්. ජී. ස්වර්ණලතා මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා රෆල් බලකා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්බන්ධීකරණ නිලධාරී, කර්නල් ඒ.ආර්.ඩී ද සිල්වා KSP, එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.